Category Local News

කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කරයි

අදට යෙදී ඇති අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පුත්තලම – පාලවියේදී පැවති උත්සවයකදීයි.මේ යටතේ මාදම්පේ – පනිරෙන්ඩාව, මරම්බැට්ටිය මුකලාන ඇතුලු කඩොලාන වනාන්තර 08ක්…

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට – අග්‍රාමාත්‍ය හරිනි

ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම් බවත්, තම ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

ලොව දුෂ්කරම අමෙරිකා හමුදා පුහුණුව සාර්ථකව අවසන් කරමින් කීර්තීමත් සීල් පදක්කම ලබා ගත් ලාංකිකයා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) අභිමානවත් නිලධාරියෙකු වන ලුතිනන් කොයන් චමිල, එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL පුහුණු වැඩසටහන සම්පූර්ණ කර, කීර්තිමත් SEAL ට්‍රයිඩන්ට් පින් එක දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ඉතිහාසය නිර්මාණය කර තිබේ. මාස 14ක්…

අත්අඩංගුවට ගත් ඉන්දියාවේ ධීවරයින් හත්දෙනා යළි රිමාන්ඩ්

නෙඩුන්තිව් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. නාවික හමුදාව ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී ඊයේ (25) සවස් කාලයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව හලාවත පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට…

වෙඩි ප්‍රහාරවලට ලක්වූ වන අලි 21 ක් ගැන විශේෂ විමර්ශනයක්

පසුගිය දිනවලදී වන අලි 21 ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා. ඒ අනුව, එම සිදුවීම්වල යම් සමාන තත්ත්වයක් නිරීක්ෂණය වන හෙයින්, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. පොළොන්නරුව…

වීසා ගාස්තු නිදහස් කරන ලද රටවල් 40 ක සම්පූර්ණ ලැයිස්තුව

සංචාරක පැමිණීම් ඉහළ නැංවීමේ අරමුණින් වීසා ගාස්තු නොමැතිව මෙරට සංචාරය කිරීමේ අවස්ථාව තවත් රටවල් 40 ක් සඳහා ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 66 ක පමණ වීසා ආදායම අහිමිවීමක් සිදු…

අද කාලගුණ නිවේදනය

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති වන අතර, උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.…

අලි රොෂාන්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කෙරේ

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව,…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර පත් කෙරේ

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර පත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම…