Category Local News

විභාග ක්‍රමයේ නව වෙනසක් – නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය…

නුගේගොඩ පාලම උඩ මාරක අනතුරක්

නුගේගොඩ ගුවන්පාලම උඩ අද (23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසු අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අරගල සමයේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. වැඩ…

මුහුදු නොයන්නැයි ධීවරයින්ට තවදුරටත් උපදෙස් සුළගේ වේගයත් ඉහළට

කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බැවින් ඉදිරි පැය 24 සදහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙනවා. එමෙන්ම, මධ්‍යම…

නිර්මලා ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව බිලි­යන 884ක් ණයයි

ඛනිජ තෙල් සංස්ථාව රජ­යට ණය වශ­යෙන් ඇති රුපි­යල් බිලි­යන 884ක් ගෙවීම සඳහා ඉන්ධන ලීට­ර­ය­කින් රුපි­යල් 50ක් අය කර ගැනී­මට සිදුව ඇති බව බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. අදාළ ණය ගෙවූ පසුව ඉන්ධන මිල අඩු කිරී­මට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි…

ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා. මෙම විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක් අවහිර කරමිනුයි විරෝධතාවයේ නිරත වී ඇත්තේ. ඔවුන් මෙසේ විරෝධතාවයක නිරත වී ඇත්තේ, එම මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පතට…

මෙරට AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය

කෘත්‍රිම බුද්ධිය ( AI ) සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවන් සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI Singapore) සමඟ සාකච්ඡා…

හිටපු ඇමති මනූෂ නානයක්කාරගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.