Category Local News

වියානා ඇළට වැටුණු පෙම්වතා​ව බේරාගැනීමට ගිය පෙම්වති​ය දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඒ අනුව ඊයේ (20) සවස ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි…

නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසු ධීවරයින් තිදෙනෙකු මුදාගැනේ

වත්තල – පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් පමණ දුරින් වූ බටහිර මුහුදේ ආපදාවට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර…

ජූලි මස මෙතෙක් සංචාරකයන් 98,765ක් මෙරටට

2025 ජූලි මාසය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 98,765ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) වාර්තා සඳහන් කරනවා. මේ අතර, ජූනි මාසය සඳහා නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛන සමඟින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවට…

කුකුළු මස් මිල ඉහළට

වෙළෙඳපොළ තුළ අධික ඉල්ලුමක් නොමැති අවස්ථාවක කුකුළු මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තිය සමිති අවධාරණය කරන්නේ කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන්, අධික ලාභ ඉපැයීමට කටයුතු කිරීම හමුවේ කුකුළු මස්…

සීගිරියේ රක්ෂිතයක ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සීගිරිය, ඉනාමලු‍ව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ ගැටුමෙන් මිය ගිය පුද්ගලයා…

වසරේ ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138 ක් ලැබී තිබෙනවා. මේ අතර වැටලීම් 44 ක් සිදු කර ඇති අතර එහිදි සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළැඹෙන අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුව අද (20) මතුගම මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා…

වත්තලදී ඝාතනයට ලක්වූ තැනැත්තා ගැන කරුණු රැසක් හෙළිවෙයි

වෙඩිතැබීමකට අනුබල දුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රීයේ අදාළ පුද්ගලයා සිය දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි. මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි කොළඹ 15…

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වන බව සුභසාධ​ක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන් වේ. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය…