Category Local News

හිටපු ඇමති චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී අගෝස්තු 01 වැනිදාට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ…

ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ – ජනපති

රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත්, ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ…

දයාසිරි CID වෙත පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන බෙදාහැරීම් පිළිබඳව සිදුකරන ලද වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ පැමිණිලි කිරීම වෙනුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත, කටාන – දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 51 සහ 58 වන, කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති…

දුම්රියක ගැටී වන අලියෙක් මරුට

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වන අලියා අද අලුයම 3.00 පමණ සිට මෙම ගම්මානයේ සැරිසරමින් සිටි බවත්, වන අලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහර දී වී ආහාරයට ගන්නා බවයි…

ආරච්චිකට්ටුව පොලිසියේ පහරදීමකින් සිසුවෙකු රෝහලේ

ආරච්චිකට්ටුව පොලිසියේ ළමා හා කාන්ත කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇතිබව අප වාර්තාකරු පවසනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව ග්‍රාමයේ පදිංචි 17 හැවිරිදි දරුවෙක් බවද සඳහන්. ආදර සම්බන්ධතාවයක් පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්යය හා වෘත්තීය විෂයයන් හැදෑරීම අනිවාර්යයි – අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්, අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිතා නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර…

බූස්ස බන්ධනාගාරයේ කටයුතුවලින් STF නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක් ගොනු කෙරේ

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද, නැද්ද යන නියෝගය සැප්තැම්බර් මස 01 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය විසින් නියෝග කර…

අස්වැසුමෙන් මොකද කරන්නේ ඇහුවාම, ඒක​ට අතවත් තියලා නැහැ මහත්ත​යෝ කියලා කිව්වා – බදුල්ල දිස්ත්‍රික් ලේකම්

රටේ වත්මන් ජනයා මහන්සි වන්නේ අත සෙලවීමකින් තොරව කට සෙලවීමට පමණක් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන පවසනවා. අප දියුණු වෙනවා නම්, මුලින්ම ‘කාලකණ්ණිභාවයෙන්’ මිදිය යුතු බවත්, රටේ සිටි ආදි මුතුන් මිත්තන් ඉරෙන් හඳෙන් වැඩ ගත්තද, වර්තමානයේ බලා…

තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගාල්ලේ සිට, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65ක් දක්වා වැඩි වන…