Category Local News

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත, ඔස්සේ පිට කර යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද පෙරවරුවේ ගුවන් තොටුපොළ රේගුව විසින් අත්…

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

කහවත්තේදී පුද්ගලයෙකු ඝ‍ාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 04 දෙනෙකු බස්නාහිර පළාත් (උතුරු) අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබුණු ජීප් රථයක් සහ මාංචු යුගලයක් ද අත්අඩංගුවට ගත් බවයි…

තාක්ෂණික දෝෂයක් නිසා ඇණ හිටි කොටස් වෙළඳපොළ ගණුදෙනු යළි ආරම්භ කෙරේ

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා. තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management Systems – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. කෙසේ නමුත්,…

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී, එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට, ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින්, විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 04 වැනිදා…

බිත්තර මිල අඩු කරයි

සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට 26 දක්වාත් රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට 28 දක්වාත් අඩු කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල්…

අග්නිදිග සරසවියේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් පළමු වසරේ සිසුන්ට ගුටි බැට

තමන්ට දුන් නවකවදය සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි සමඟ හෙළිදරව් කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඊයේ (15) පහරදීම හේතුවෙන් පළමු වසරේ සිසුන් හතර දෙනකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් රැගෙන යාමට පැමිණි ගිලන් රථයේ රියැදුරු ද මෙහිදී කලහකාරී…

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 06 ක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගනී

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද…

වැලිගම NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත්…

ප්ලග් ටෙන්ඩර​ය අවලංගු කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව…

රජයේ වනාන්තර 16 ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා. මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙලෙස රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එම…