Category Local News

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකුට තුවාල

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන 8.00ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල උමං මාර්ගය ආසන්නයේදී මෙම…

කෙහෙළිය, බිරිඳ, බෑනා සහ දියනියන් තිදෙනාට එරෙහිව අධි චෝදනා භාර දෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියනියන් තුන් දෙනා සහ බෑනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාර දුන්නා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු…

උදය ගම්මන්පිල අල්ලස් කොමිසමට

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (17) අල්ලස් කොමිසටමට පැමිණීමට නියමිතයි. ඒ රේගුව විසින් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකල පැමිණිල්ල සම්බන්ධයෙන් යලි සිහිපත් කිරීමේ ලිපියක් භාරදීම සදහායි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි. පෙරහැර අනිද්දා (18) රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර දේවාලයෙන් අරම්භ කර…

සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක්

සේවා අංශ­යෙහි ශ්‍රී ලංකා ගැනුම් කළ­ම­නා­ක­රු­වන්ගේ දර්ශ­ක­යට අනුව මේ වසරේ ජූනි මාස­යේදී සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි. එය මේ වසරේ ජූනි මාස­යේදී දර්ශ­කාංක 61.9ක් වාර්තා කොට ඇත. ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් 2025 ජූනි මාස­යේදී ඉහළ…

SLIIT මුද­ල්ව­ලින් කැන­ඩාවේ-අමෙ­රි­කාවේ ඔස්ට්‍රේ­ලි­යාවේ ගෙවල් අරන් / කොල්ලකෑ සිය­ල්ලට නීති පිය­වර

‍ෛමත්‍රී-රනිල් ඇතුළු කැබිනට්ටුව වගකියන්න ඕනෑ -ඇමැති වසන්ත සම­ර­සිංහ කියයි මහ­පොළ අර­මු­ද­ලට අයිති දේපො­ළක් වන මාලබේ තොර­තුරු තාක්ෂණ ආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පැවැ­සීය. රාජ්‍ය බලය…

බොරැල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගියදා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඊට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (16) සවස් කාලයේදී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක් සමඟ…

අද කාලගුණ නිවේදනය

අද (17) සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ…

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර නම්කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම්දුන්නා. අදාළ නඩුව අද නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංකගෙන්…

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

තේ වත්තක කම්කරුවන් පිරිසකට අද (16) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 14 දෙනෙකු ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ආගරපතන, නල්ලතන්නිය වත්තේ වතුකම්කරුවන් 09 දෙනෙකු සහ ටොරින්ටන් වතුයායේ කම්කරු කාන්තාවන් 05 දෙනෙකු මෙසේ රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.…