Category Local News

රජයේ වත්කම් වත්කම් බිලියන 2,500කින් ඉහළ ගිහින්

රජයේ මුළු ණය සහ රජයේ මුළු වත්කම් අතර පරතරය සැලකිය යුතු ප්‍රතිශතයකින් වෙනස් වී ඇති බව 2024 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවෙන් හෙළි වෙයි. 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය රුපියල් බිලියන 28,720ක් වූ අතර, මුළු වත්කම් ප්‍රමාණය රුපියල්බිලියන…

සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරනවා – අගමැතිනිය

සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව පරිසරයට, සමාජයට, එකිනෙකාට ආදරය කරන ව්‍යවසායකයින් රටට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් යෝජනා කරන ප්‍රතිසංස්කරණ තුළ එකම විෂයකට කොටු නොවුණු, සෑම…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම…

පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටි හිටපු බුද්ධි අංශ අධ්‍යක්​ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා හරියි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු ජීවිතක්ෂයට

උඩදුම්බර – මීමුරේ, කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර තුවාල ලැබූ තිදෙනෙක් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

යුකැලිප්ටස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද (19) උදෑසන 10ට පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් 44 හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙක්.…

ඉන්දීය නළු රවී මෝහන්, ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් මෙන්ම විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවක් අද (19) උදෑසන සිදුව තිබෙනවා. ට්විටර් පණිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ගල් ඉබ්බා’ අත්අඩංගුවට

මතුගම, බෝපිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් “ගල් ඉබ්බා” කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා මත එරටින් පිටුවහල්…

සජබ පා. මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අත්අඩංගුවට

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන යන අයව අද (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණු තොරතුරක් මත පානදුර වලාන දූෂණ මර්දන ඒකක‍යේ අධ්‍යක්ෂවරයා සහ නිලධාරී කණ්ඩායමක් විසින්…

පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒමේ අරමුණක්

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් – 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්…