Category Local News

ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල මෙන්න

ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදු කළ ජර්මානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රධාන අංශ පහක ආයෝජකයින් මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව…

දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට තීන්දු කළ බව කතානාය​ක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළා. එසේම ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද අදාළ කමිටුව…

Port City තුළ බිග්බෙන් ඔරලෝසුවට වඩා විශාල ඔරලෝසුවකින් සමන්විත ද්විත්ව කුළුණු ව්‍යාපෘතියකට බදු සහන ලබාදෙයි

කොළඹ වරාය නග‍රයේ ඉදිකරන ව්‍යාපෘති කිහිපයක් සඳහා බදු සහන පිරිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති Clothespin Management and Development (Private) Limited සමාගම සඳහා මෙලෙස බදු නිදහස් කිරීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එම…

සැකකටයුතු මරණයක්

මීගවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් ඊයේ (21) මිය ගොස් ඇති බවට මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 49ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම කාන්තාව නවාතැන්ගෙන සිටි කාමරයෙන්…

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත…

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තිය සමිති පවසනවා. කොළඹ දී ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න IMF පූර්ණ සහාය

ආර්ථික වශ­යෙන් රට ඉදි­රි­යට ගෙන යෑමේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන කැප­වීම අගය කර­මින් මෙරට ආර්ථි­කය ස්ථාව­රව පවත්වා ගනි­මින්, ශ්‍රී ලංකාව ගෝලීය වශ­යෙන් ඉදි­රි­යට ගෙන යෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­තයෝ එක­ඟ­තාව…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය…

සීදූව ප්‍රදේශයේ වෙඩිතැබීමක්

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

විශේෂ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 1,241ක් අල්ලයි

දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක් හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් හා…