Category Local News

පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වෙයි

පසුගිය පෙබරවාරී 09 වැනිදා දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව, විදුලිබල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව එම සාක්ෂි කැඳවීම සිදු කරන බවයි එම ක‍ොමිසමේ…

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචන ඇතුළත් වීම ගැන පරීක්ෂණයක්

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත්…

මිලියන 12ක කුෂ් සමග අයෙක් රාජගිරියෙන් අල්ලයි

රුපියල් මිලියන 12ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්වයි වැටලීම සිදුකර තිබෙන්නේ. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට…

ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න විශේෂ විමර්ශන කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේත් සිදුවී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන…

තක්කාලි මිල පහළට

වෙළෙඳපොලේ මේ වන විට තක්කාලි මිල සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් තක්කාලි ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 15 ත් 20 අතර මිලකට ව්‍යාපිරිකයින් විසින් මිලදී ගන්නා බවයි. වැලිමඩ, ඇල්ල, ඇටම්පිටිය, නෙළුව, හාලිඇල ,බණ්ඩාරවෙල…

දෙහිවලදී සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි

දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සිදුකිරීමට ගිය වෙඩි තැබීමක් ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වීම නිසා ව්‍යර්ථ වී තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයෙකුට දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී එලෙස වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි…

අස්ගිරි අනුනායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙයි

අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පස්වරුවේදී මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම අවසන් කටයුතු සිදුකිරීමට නියමිත…

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙන බව සඳහන් වෙනවා. ඊයේ (23) රාත්‍රියේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ‘වග’ දක්වා සීමා කර තිබුණා. එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කර…

ලංකාවේ පාස්පෝර්ට් එක ඉදිරියට එයි

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මීට පෙර එම දර්ශකයේ 96 වැනි ස්ථානයේ පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, නවතම යාවත්කාලීන කිරීම අනුව 91 වැනි ස්ථානය…

ඝාතන සිද්ධියකට පියෙකු හා පුතුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකුට මරණ දඬුවම

තම පුතෙකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුට පොලු වලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු හා පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කර, විත්තිකරුවන් සිව්…