Category Local News

තිලිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. හෝමාගම දිසා අධිකරණයේ රාජකාරියේ නියුතු සිතාසි බෙදා දෙන්නෙකුට අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම,…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ දී පොතුහැර ප්‍රදේශයේ සිදුවූ පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්වුණා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 50.15කින් ඉහළ ගොස්, ඒකක 19,517.86ක් ලෙසින් සටහන් වුණු බවයි සඳහන් වෙන්නේ. එසේම, S&P SL20 මිල…

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අනුව, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මොලස වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

අර්තාපල් සහ බී ලූණු වගාව අර්බුදයක

අර්තාපල් සහ බී ලූණු වගාවෙන් ගොවීන් ඉවත් වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ගොවීන් එම වගාවෙන් ඉවත් වීම හරහා අර්තාපල් සහ බී ලූණු ද පිටරටින් ගෙන්වීමේ අවදානමක් පවතින…

ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකුට මරුට

මාතලේ, පලාපත්වල, වාවන්නාවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී නිවැසියන්ට පහර දීමට උත්සාහ කළ පුද්ගලයන් පිරිසකට නිවෙස් හිමියා විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයෙකු මරණයට පත්ව ඇති බව මාතලේ පොලීසිය පවසනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ පලාපත්වල, අංක…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අයථා වත්කම් නඩුව සැප්තැම්බර් 24ට

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (28) කොළඹ…

වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන්…

රටවල් 40කට මෙරටට එන්න නිදහස් වීසා

ශ්‍රී ලංකා­වට පැමි­ණෙන රට­වල් 40ක සංචා­ර­ක­ය­න්ගෙන් වීසා ගාස්තු අය නොකි­රී­මට රජය තීර­ණය කළ බවත් මෙරට සංචා­රක ව්‍යාපා­රය වර්ධ­නය කිරීමේ අර­මු­ණින් මේ තීර­ණය ගනු ලැබූ බවත් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. කොළඹ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර…

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙනි.