Category Local News

නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප වෙයි.

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලා තිබෙන නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නයක පවසනවා. මුල් සලකා බැලීමේදී මූලික කරුණු සපුරාලීමට එම අයදුමපත් ඉල්ලුම් කරන ලද දේශපාලන පක්ෂවලට නොහැකි…

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යබහුල වේලාවන් හිදී, ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට පියවර කිහිපයක් ගෙන ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ අනුව, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය…

බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධාන‍යට

ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ‌භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු…

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද (18) ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා…

අල්ලස් ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

වැලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ සැකකරු අගෝස්තු 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි…

2026 පළමු මාස 06 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – බිමල් රත්නායක

පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 06 තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ සඳහා නීතිමය වශයෙන් බාධා පවතින බවත්, ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර,…

ගුරු පුහුණු වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එම පුහුණු වැඩසටහන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන…

උතුරු නැගෙනහිර අද හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. 2011 අංක…