Category Local News

උතුරු නැගෙනහිර අද හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. 2011 අංක…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙකක පුරප්පාඩු

ප්‍රියන්ත වීරසූරිය, පොලිස්පති ධූරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් නිලන්ත ජයවර්ධන, සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් මේ වන විට පුරප්පාඩුව පවතිනවා. මෙම තනතුරු දෙක සඳහා පත්වීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ගෝලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඊට අදාළ විමර්ශන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබෙනවා.මොවුන් හය දෙනා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යටතේ සේවය කළ තුවක්කුකරුවන් බවයි…

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට දැඩි අවධානයක්

2026 -2029 වර්ෂ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී. රත්නායක පවසනවා. අප කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ මේ දිනවල අදාළ පාර්ශවවලින් යෝජනා ඉල්ලා සිටින…

තෙවන පාසල් වාරය හෙට ඇරඹෙයි

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍හෙට (18) ආරම්භ කෙරෙනවා. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

ගත වූ දින 13 තුළ සංචාරකයින් 99, 406ක් දිවයිනට

මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 19,572 ක්. ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්. එමෙන්ම මෙම…

විශ්වාසභංගය ගැන 19 වැනිදා කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අදාළ යෝජනාව විවාදයට ගැනීමට නෛතික බාධාවක්…

AI භාවිතය ගැන රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට වැඩමුළුවක්

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ, ‘AI for Transforming Public Service’ මැයෙන් පැවැති වැඩමුළුව අමතමිණි. ජනාධිපති…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම…