Category Local News

ලොහාන්ගේ අභාවය රටට පාඩුවක් – මහින්ද රාජපක්ෂ

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ලොහාන් රත්වත්තේගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට මෙන්ම රටට ද විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියා. ඔහු තම පක්ෂයේ සිටි හිතවත්ම මන්ත්‍රීවරයකු සහ හොඳ මිතුරකු බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත්…

නිධන් හෑරීමේ සිද්ධියකට DIG බිරිඳක් ඇතුළු 08 දෙනකු රිමාන්ඩ්

අනුරාධපුර ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටියදී, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු 08 දෙනකු පසුගියදා අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට ගත් එම පිරිස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි…

දුම්රිය ප්‍රවේශ පත්‍රයේ තොරතුරු වංචනිකව වෙනස් කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ඇල්ල දුම්රිය ස්ථානාධිපති

දුම්රිය ආසන වෙන් කළ පසු ලැබෙන ප්‍රවේශපත්‍රයේ දත්ත වෙනස් කර ගමන් කිරීමට සමහර පිරිස් උත්සාහ කරන බව ඇල්ල දුම්රිය ස්ථානාධිපති දුෂාන් රංගන පවසනවා. සමහර පිරිස් ප්‍රවේශපත්‍රය ලබාගත් පසු ලැබෙන PDF ගොනුවේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය…

සීදුව පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් 07 දෙනෙක් අත්අඩංගුවට

සීදුව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු සීදූව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 18, 21, 25, 27 සහ 44 යන වයස්වල පසුවන සීදුව…

රට තුළ සමලිංගිකත්ව වැඩසටහන් ව්‍යාප්ත වෙනවා, ඒවාට සමහර දේශපාලන පක්ෂ සහ නායකයන් ආශිර්වාද කරනවා – කාදිනල් හිමිපාණන්

රට තුළ සමලිංගිකත්ව අයිතිවාසිකම් සම්බන්ධ වැඩසටහන් මාලාවක් විදේශීය සංවිධානවල ආධාර ඇතිව ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අනුව, එම සංවිධාන වෙත තරුණ තරුණියන් බඳවා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි උත්සවයක්…

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයකු ඊයේ (14) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා. ඒ අනුව, කළුතර උතුර පොලිස් වසමේ, කොළඹ – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 කණුව අසලදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.…

මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ෆින්ලන්තයේ සහය

මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට ෆින්ලන්ත රජය එකඟතාව පල කර තිබේ. ඒ , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති කිමෝ ලඩවර්ටා මහතා අතර පැවති හමුවකදීයි. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය…

දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍රයේ කිසිවෙකුගේ හැදුනුම්පත් අංකයක් නොමැති අවස්ථාවක රුපියල් 3000 ක මුදලක් ගෙවා අතිරේක පත්‍රයක් නිකුත් කිරීමට දුම්රිය බලධාරීන් ගනු ලැබූ තීරණයට…

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් දීමනාව එළැඹෙන 15 වැනිදා ගිණුම් වෙත

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වැනිදා එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි. අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වැනිදා සිට එම…

කෝටි 09කට විද්ද අනුරපුරේ බැංකුවක කලමනාකරුවෙක් සී.අයි.ඩී. දැලේ

වාණිජ බැංකුවක අනුරාධපුර ශාඛාවේ සහකාර මහජන සම්බන්ධතා කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ ගිණුම් හිමියකුගේ ගිණුම්වල තිබුණු රුපියල් කෝටි 09ක මුදලක් එම ගිණුම් හිමියාගේ අත්සන වෙනස්කර කූඨ ලේඛන සකස්කර ලබාගැනීම…