Category Local News

ත්‍රිකුණාමලය මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

ත්‍රිකුණාමලය මුත්තුනගර් ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා, ප්‍රදේශවාසීන් සහ ජන අරගල ව්‍යාපාරයේ පිරිසක් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ අනුව, තම පාරම්පරික ඉඩම් සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි විරෝධතාවට එක් වූවන් සඳහන්…

දශක හතරකට පසු පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු වන අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මේ වන විට ආරම්භ කර තිබෙනවා. වසර 42කට අධික කාලයකට පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම අලුත්වැඩියා කටයුතු සිදුවන බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof…

මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී…

දුම්රිය නියාමකවරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය කියාමාර්ගයට එළඹෙන බවයි.…

හිටපු ඇමැති පියසේනගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

නීති­වි­රෝධි ලෙස වත්කම් ඉපැ­යී­මක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විමර්ශ­න­ය­කට අදා­ළව හිටපු ඇමැ­ති­ව­ර­යෙක් වන පිය­සේන ගමගේ මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති­වි­රෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් ඊයේ පැය 04ක පමණ කාල­යක්  ප්‍රශ්න කර ප්‍රකාශ සට­හ­න් ක­ර­ගෙන ඇත. ආදා­ය­මට වඩා දේපොළ ඔහුට අයත් බවට වූ…

අද ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. නිට්ටඹුව,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කොටස් වෙළෙඳපොළ ඒකක 2.71කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 19,975.50ක් ලෙසින්. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්.

ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100ක AI අරමුදලක්

දේශීය කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් ආරම්භක ව්‍යාපාර සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 100 ක කෘත්‍රිම බුද්ධි (AI) අරමුදලක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ද සිල්වා ඊයේ (12) මාධ්‍ය වෙත ප්‍රකාශ…

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ…