Category Local News

UPDATE : පෑලියගොඩදී වෙඩි වැදුණු දෙදෙනාගෙන් එක් අයෙක් මරුට

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකුට සහ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුට එම වෙඩි තැබීමෙන්…

ශෂීන්ද්‍ර රාජපක්ෂ 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන්…

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයා ගැනීමට මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක්

ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන් සඳහා ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා…

සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මඟින් උද්ධමනය පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවය.  ධාවනයෙන් ඉවත් කර තිබූ…

ගොවීන්ගේ පොහොර සහනාධාරයට QR ක්‍රමවේදය එයි

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන…

අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරුන් 26ක් පස්සේ පන්නයි / අවුරුදු 5න් ප්‍රකෝටිපතියෝ වෙලා

දේශ­පා­ල­න­ඥ­යන් සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ සමී­ප­ත­මයන් 100කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පරී­ක්ෂණ ආරම්භ කර ඇත. ඒ අතර පැවැති ආණ්ඩු­වල ඇමැ­ති­ ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය. සිය…

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව​ක

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිටිමින්, රාත්‍රිය ගත කරමින් විරෝධතාවක නිරතව සිටිනවා. තමන් සේවය කරන පාසලටම තමන්​ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙ​න ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අත​ර ගුරු දරුවෝ…

තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වේ

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

ලක්ෂ 3ක් අල්ලස් ගත්තැයි ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්

පර්චස් 50 ක කුඹුරු ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කටුනායක ආඬිඅම්බලම ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා සහ කෘෂිකර්ම පරීක්‍ෂණ සහකාර නිලධාරිවරයා හෙට (19) දින දක්වා…