Local News

මහියංගනයේ ලංගම බස් දෙකකට ප්‍රහාරයක්: සේවකයින් දෙදෙනෙක් රෝහලේ

මහියංගනය ඇසළ පෙරහැර විශේෂ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබූ ලංගම බස් රථ දෙකකට පහරදී ඇතැයි පොලිසිය පවසනවා. හසලක, උඩදුම්බර ඩිපෝවේ බස් රථ දෙකකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලංගම සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව…

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ රථවාහන තදබදයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ සති අන්තයේ යෙදුන නිවාඩුවත් සමග මෙලෙස තදබදයක් නිර්මාණය වී ඇති බවයි.

දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන් 86 ක් සීමාවාසික පුහුණුවට…

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පෙ.ව. 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු…

ත්‍යාග ලබාදෙන බව පවසා සංසරණය වන ස්කෑම් පණිවුඩයක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවේ බැංකුවක් මඟින් ත්‍යාග ලබාදෙන බව සඳහන් කරමින් වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව පොලීසිය අවධාරණය කරයි. එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවලට අනිෂ්ඨ මෘදුකාංග (Malware) ඇතුළත්…

රුපියල් කෝටි 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසල අතහැර දමා තිබූ ගමන් මල්ලක තිබී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව, මෙම ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය, පැකට් 19ක් ලෙස සකස් කර සඟවා ගෙනවිත්…

රාජ්‍ය සේවයට හැට දෙදහසක් ගන්න අනුමැතිය ඇතත් ලක්ෂයක් බඳවා ගන්න වෙයි – ජනපති

රාජ්‍ය සේවය සඳහා හැට දෙදහසක් බඳවාගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මොණරාගල විශේෂ දිස්ත්‍රික්…

අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07)  සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය. අදට (07) යෙදී ඇති බිනර පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා…

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

රුපියල් මිලියන 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.9ක් සමග සැකකරුවෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා තායිලන්තයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ.

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ 

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…