News Editor

News Editor

දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලට චීන­යෙන් රුපි­යල් කෝටි 2,000ක්-ඇමැති විජිත හේරත්

රටක් වශ­යෙන් ආර්ථික අප­හ­සුතා පව­තින මොහො­තක ජන­තා­වගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම සඳහා රුපි­යල් කෝටි 2,000 (යුවාන් මිලි­යන 500)ක ප්‍රදා­න­යක් චීන රජ­යෙන් ශ්‍රී ලංකා­වට ලැබෙන බව විදේශ කට­යුතු, සංචා­රක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.…

ජන­තා­වගේ ජීවන විය­දම අඩු කරන්න රජය කිසිදු පිය­ව­රක් ගෙන නැහැ-මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි

රට පුරා සහල් හිඟ­යක් පව­තින අව­ස්ථා­වක අධික මිල­කට සහල් මිලදී ගැනී­මට ජන­තා­වට සිදුව තිබෙන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි මහතා අව­ධා­ර­ණය කරයි. සමගි ජන බල­වේ­ගය ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමු­වට සහභා වෙමින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි…

සිසු­වි­යන් මාන­සික රෝග­ව­ලට ප්‍රති­කාර ගැනීම ඉහළ ගිහින්-මාන­සික ආත­ති­යෙන් පෙළෙන බව බොහෝ මවු­පි­යන් දන්නේ නෑ – මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය නිල­ධාරි පාලිත බණ්ඩාර

පාසල් සිසු­වි­යන් මාන­සික රෝග ප්‍රති­කා­ර­ව­ලට යොමු­වීම ශීඝ්‍ර­යෙන් ඉහළ යමින් තිබෙන බවත් සම­ලිං­ගික ආදර සබ­ඳතා හා ජංගම දුර­ක­තන භාවි­තය ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවත් මහ­නු­වර ජාතික රෝහලේ වෛද්‍ය නිල­ධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබ­සිංහ මහතා පව­සයි. තම දරු­වන් ප්‍රති­කාර ලැබිය…

මාලිංග සංවේදී වෙයි

දශ­ක­ය­කට වැඩි කාල­යක් ලෝක ක්‍රිකට් පිටියේ පිති­ක­රු­වන් යෝකර් පන්දු­වෙන් භීති­යට පත් කළ ලසිත් මාලිං­ගගේ කෘතිය Killer : The Magic of Twenty One පසු­ගි­යදා කොළ­ඹදී එළි­ද­ක්වනු ලැබීය. ඕනෑම පන්දු යව­න්න­කුට අති­ශය වැද­ගත් වන ක්‍රිකට් පිටියේ විශේ­ෂිත පන්දු 21ක් පිළි­බඳ ලියැ­වුණු එම…

අනිල් භාරතී ගීත චාරිකාව නිම කරයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනු­වෙන් අම­ර­ණීය ගීත රැසක් දායද කළ මෙරට ජ්‍යෙෂ්ඨ­තම ගායන ශිල්පි­යකු වන අනිල් භාරතී මහතා (75) රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් පාන­දුර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඊයේ (22) අභා­ව­ප්‍රාප්ත විය. වෙනස් ආරක කට­හ­ඩ­කට උරු­ම­කම් කී අනිල් භාරතී මහතා…

හැටන් ආපණ ශාලා­ව­කින් මිලදී ගත් බත් පිඟානේ කැර­පො­ත්තෙක්

හැටන්හි ආපණ ශාලා­ව­කින් පෙරේදා (21) දහ­වල් ආහා­ර­යට ගත් බත් පිඟානේ කැර­පො­ත්තකු සිටීම සම්බ­න්ධ­යෙන් ආපණ ශාලාවේ හිමි­ක­රුට එරෙ­හිව හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නෛතික පිය­වර ගැනී­මට කට­යුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සෞන්දර්ය රාග­වන් මහතා පැව­සීය. දිවා ආහා­රය…

දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිල්ලා

දුර්ලභ සංක්‍රමණික පක්ෂියෙකු පසුගියදා ශ්‍රී ලංකාවේ දැක ගැනීමට හැකිව තිබේ. පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී සවස් යාමයක පක්ෂියා නිරීක්ෂණය වූ බවයි. සිය දෛනික නිරීක්ෂණ අතරතුර කොඩිකාර ආරච්චි, අහස හරහා විශාල බකමූණෙකුගේ…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැද,  ඌව  සහ වයඹ පළාත්වල…

ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය

ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය. නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන…

සයිෆ් අලි ඛාන් රෝහලෙන් පිටව යයි

පිහි ඇනුම් ප්‍රහාරයකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්, ප්‍රතිකාරවලින් පසු ඊයේ (21) රෝහලෙන් පිටව ගොස් තිබුණි. මුම්බායි හි ලීලාවතී රෝහලෙන් පිටව යන සයිෆ්ගේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,…