News Editor

News Editor

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේදී 6.6% කින් වැඩිවී අමෙරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. එය ජනවාරි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,832 ට වඩා වැඩි අගයක් බව මහ බැංකුව…

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (08) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති…

අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ගැන දැනුම්දීමක්

අස්වැසුම පළමු අදියර (2022/2023 වර්ෂවල) අයදුම් කරන ලද ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තිය…

මාර්තු 7 සහ 8 දිනවල අත්හිටවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. ඊට කටුනායක සිට ඩුබායි, රියාද්, දෝහා, ඩම්මාම් යන ගමනාන්ත සඳහා වූ ගමන්වාර කිහිපයක් අයත්ය. මගීන්ට තම ගුවන් ගමන්…

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට පළවන ප්‍රචාර අසත්‍යයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී සහ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි පළවන ප්‍රචාර සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ නොරොච්චෝල…

මිල ඉහළයාම අපිටත් දරන්න වෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ

ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර…

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කෙරේ

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක්…

ධීවර ප්‍රජාව වෙනුවෙන් උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකාව අවට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුව…

අනතුරට ලක්වූ ඉරාන නෞකා කාර්ය මණ්ඩලය එරටට යැවීම වළක්වන්නැයි අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්? – රොයිටර් පුවත් සේවය

ශ්‍රී ලංකාව අසල ප්‍රථමයෙන් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිස සහ දෙවැනි ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නැවත ඉරානයට නොයවන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට වාර්තා වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. එම…

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.  මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වයේ එරට රජය විසින් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර…