News Editor

News Editor

වාලච්චේන ප්‍රදේශයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී 08 ක් තුවාල ලබයි

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 08 ක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත් කර, ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (24) දිනයේදීත් රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. එසේම, පෙ.ව. 10.00 – පෙ.ව. 11.00…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, උතුරු සහ…

මාරක අනතුරින් මහේස්ත්‍රාත් ඇතුළු 16 ක් රෝහලේ

මන්නාරම – මැදවච්චිය මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුරකින් සුඛෝපභෝගී බස් රථය ගමන්ගත් මහේස්ත්‍රාත්වරයකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා. මෙම අනතුරින් තවත් තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා…

දිස්ත්‍රික්ක 11ක් සඳහා නායයෑම් අවදානම තවදුරටත්

දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) කටයුතු කර තිබෙනවා. ඒ අනුව, බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය…

පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියම කළේය. තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට…

මරණ දණ්ඩනය නියම වූ පාසල් සිසුන් 05ක්

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මෙරට අනාගත පරපුර විනාශ කරමින් සිටින බවය. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත්…

අවවාදාත්මක නිවේදනයක් – සැලකිලිමත් වන්න !

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) දහවල් 1ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල…

සෙව්වන්දි රටින් පැන්නූ ආනන්දන් සැඟවූ ගිනි අවි යාපනයෙන් හමුවෙයි

ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ආනන්දන් නමැත්තා විසින් සඟවා තිබු ගිනි අවි දෙකක් යාපනය ප්‍රදේශයෙන් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සඟවා තිබූ මෙම ගිනි අවි දෙක…

මූල්‍ය සහ ලීසිං සමාගම්වල ක්‍රියාකාරිත්වය ගැන ෆිච් රේටින්ස් ආයතනයෙන් වාර්තාවක්

පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මෙරට මූල්‍ය සහ ලීසිං සමාගම්වල ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා. මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් බවින් පැවතීම, උද්ධමනය මධ්‍යස්ථ මට්ටමක පැවතීම සහ පොලී අනුපාත අඩුවීම මෙම තත්ත්වයට හේතුව බවයි ඔවුන්…