Month March 2026

පෝට් සිටි ආයෝජන ව්‍යාපාර 150ක් අලුතින් ලියාපදිංචි වෙයි

කොළඹ වරාය නග­රයේ ආයෝ­ජ­නය සඳහා මේ වන විට ව්‍යාපාර 150කට වැඩි ප්‍රමා­ණ­යක් අලු­තින් ලියා­ප­දිංචි වී තිබෙන බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පාර්ලි­මේ­න්තු­වේදි ඊයේ (19) ප්‍රකාශ කළේය. කොළඹ වරාය නග­රය ආර්ථික කොමි­ෂන් සභාව පනත යටතේ නියෝග අනු­මත…

ජනාධිපති අනුර අද පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. පසුගිය 17 වැනිදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය. විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය, එම සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175 ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. අදාළ ගිවිසුම යටතේ 16% ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු කර ඇති බවයි ශ්‍රීලන්කන් ගුවන් සමාගම…

QR සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. වාහන ලියාපදිංචි කිරීමේදී ඇති වන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) දිනයේද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00…

බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයකුට මාස දෙකක අනිවාර්යය සිර දඬුවමක්

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 65 ක් සන්තකයේ තබා ගනිමින්, ලොරි රථයකින් එම ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් 2500 ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා. මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම…

IMF නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසනවා. එම නියෝජිත පිරිස අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිත බවයි ඇය සඳහන් කළේ. ශ්‍රී ලංකාව…

රාමසාන් උත්සවය 21 වැනිදා පැවැත්වෙයි

මුස්ලිම් ජනතාව හෙට (21) සෙනසුරාදා දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඊයේ (19) නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 376.62 කින් පහත වැටෙයි

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනය අවසානයේ ඒකක 376.62 කින් (1.82%) පහත වැටීමෙන් පසු ඒකක 20,264.01 ක් ලෙස සටහන් වුණා. අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් වනවා.