Month March 2026

පන්නිපිටියේ නිවසක ගින්නක්

පන්නිපිටිය,මාඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක ගින්නක් හටගෙන තිබේ. කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය සඳහන් කළේ ගිනිනිවීම් රථ 02ක් අදාළ ස්ථානයට පිටත්කර යැවූ බවය. ඊට අමතරව හොරණ ගිනි නිවන ඒකකය මගින්ද ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර තිබේ. 

කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමණාකරන අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, තොග ගැනුම්කරුවන්ගේ ඇනවුම්වලට අදාළව අවශ්‍ය තෙල් සැපයිමට කටයුතු කරන බවය. සෙසු කර්මාන්තකරුවන් සඳහා ද දෛනික අවශ්‍යතාවය මත ඉන්ධන…

ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික…

රාමසාන් (ඊදුල් ෆිතර්) උත්සවය වෙනුවෙන් අගමැතිනියගේ සුභපැතුම් පණිවුඩය

මසක කාලයක් පුරා දැඩි උපවාසයක නිරත වෙමින්, ආධ්‍යාත්මික ශික්ෂණය ප්‍රගුණ කළ ලෝකවාසී මෙන්ම ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය වෙනුවෙන් සුභාශිංසන පිරිනමනුයේ ඉමහත් සතුටිනි. රාමසාන් සමය යනු හුදෙක් ආහාර පානවලින් වැළකී සිටීම පමණක්…

උත්සව සමයට වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳුදා සිට

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මෙම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2,000කට අධික පිරිසක් එක්වෙනු ඇති බවය.

නීතිවිරෝධීව ඉන්ධන තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්ධන සන්තකයේ තබාගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ සිද්ධීන් තුනක අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) සවස, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ හංවැල්ල, කළුතර උතුර සහ කොටහේන යන පොලිස් වසම්වලදීය.  හංවැල්ල පොලිස් වසමේ ඇමුල්ගම ප්‍රදේශයේදී ලද තොරතුරක් මත…

සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ ඇති බව ජනපති කියයි 

සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.  “මාස දෙකකින් සම්පූර්ණ තෙල් ඉවර වෙලා ගියත්, සති හයකට සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන් ආරක්ෂක…

මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ…

මත්තල වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරිය

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් සමාගම් කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල පවසනවා. විදේශ ගුවන් සමාගම්වල ඉල්ලීම පරිදි, මැද පෙරදිග රාජ්‍යයන් කිහිපයකට එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් වරාය,…

සමස්තයක් ලෙස ආර්ථිකය බිඳ නොවැටී තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * ‍2025 අයවැය හිඟය 2.4% දක්වා පහත බසිනවා. * ආදායම් විශිෂ්ට ලෙස එකතු කරමින් සිටිනවා. සමස්ත බදු ආදායම 17.2% ට පැමිණෙනවා. * උත්සව සමයේ හිඟයකින්…