Month March 2026

බොරතෙල් මිල පහළට 

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 4.42ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක්…

ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා

ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් වන බැවින් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතාට පවසා තිබේ. ඒ කථානායකවරයා හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්…

තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට 

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි.  සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම…

ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශිකයන් 17ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශික‍ය ජාතිකයින් 17දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.…

ඉරාන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් කරුණු 15ක යෝජනාවලියක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා අමෙරිකානු රජය විසින් කරුණු 15කින් සමන්විත විශේෂ යෝජනාවලියක් ඉරානය වෙත ඉදිරිපත් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර…

‘මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ’ – ශ්‍රී ලංකා මහ බැංකුව

ඊයේ (24) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය…

රනිල්-සජිත් පාඨලී-දිලිත් ආර­ක්ෂාව ගැන ජාත්‍ය­න්ත­ර­යට ලියයි

ශ්‍රී ලංකාවේ නීති­ඥ­යන් සහ මහ­ජ­න­තා­වගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් බර­ප­තළ තත්ත්ව­යක් මතුව ඇතැයි විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ ඒකා­බ­ද්ධව ජාත්‍ය­න්තර වෘත්තීය සංවි­ධාන වෙත ලිපි­යක් යොමු කර තිබේ. හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, පාඨලි චම්පික රණ­වක, ජිවන් තොන්ඩ­මන්, නිමල් සිරි­පාල ද සිල්වා,…

අදත් උණු­සුම් කාල­ගු­ණ­යක්

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු සහ වයඹ පළා­ත්ව­ලත් අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­වල අද(25) මිනිස් සිරු­රට දැනෙන උණු­සු­මක් පැවැ­තිය හැකි බව උණු­සුම් කාල­ගුණ තත්ත්වය පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් සෞඛ්‍ය උප­දෙස්…

ඉන්ධන සහිත බවුසරයක් සමගින් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

බවුසර් රථ මගින් ගෙනැවින් මහා පරිමාණයෙන් ඉන්ධන තොග රැස් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත එම බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් සකස් කරන ලද සැලසුමක් අනුව…

තියුණු ආයුධයකින් පහර දී විදෙස් කාන්තාවක් ඝාතනය කරයි

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙයි. ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවකි. මියගිය කාන්තාව කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවත්, ඇයගේ චීන ජාතික…