Category Local News

පසුගිය මාස 06 තුළ රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. ඒ අනුව මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙලෙස මාර්ග අනතුරු සිදුවන බවයි රජයේ…

පැය හතරෙන් පාස්පෝට් එක අතට

තදබදයකින් තොරව එක්දින සේවය යටතේ සතියේ වැඩ කරන දිනකදී පැය හතරක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට දැන් හැකියාව පවතින බව වැඩබලන ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා දිනමිණට ප්‍රකාශ කළේය. මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින…

චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබෙනවා.  මොවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි…

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

වර්ෂ 2022, 2023 සහ 2024 දී මෙරටට ආනයනය කළ මැණික් කිලෝග්‍රෑම් 45,000ක නිශ්චිත තොරතුරු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය සතුව නැතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි…

නවෝත්පාදන ප්‍රවර්ධනයට රජය කැපවී සිටිනවා

පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය. ‘ආර්ථික පරිවර්තනය සඳහා වූ නවෝත්පාදන’ යන මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ඇප කොන්දේසි සැපිරූ කෙහෙළිය, බිරිඳ හා දියණියක් මුදා හැරේ

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි…

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනිදා සිට එම මගී ප්‍රවාහන සේවාව නවතා දැමීමට පියවර…

එක් කෝටි විසි හය ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකින් හසුවෙයි

රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත්…

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා, ආරාධිතයෙක් ලෙස ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.