Category Local News

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා යතුරු පැදියකින් ගමන් කළ මවක් සහ දියණියක් අනතුරට ලක් කර තුවාල සිදු කර පලා ගොස් සැඟව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ ගුවන්තොටුපළ පොලිසියේ රාජකාරි සිදු කරන…

ජොන්ස්ටන්ට ‍එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල…

හිටපු අමාත්‍ය මහින්දානන්දගේ බිරිඳගෙන් සටහනක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ගේ බිරිඳවන සේනානි ජයරත්න 20 වසරක සිරදඩුවමක් නියම වී සිටින තම සැමියා වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.  ඒ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි. එහිදී ඇය සඳහන්කර සිටියේ මෙතරම් පරීක්ෂන නඩු ගොන්නකට වසර 12ක් තිස්සේ මුහුණ දී අවසානයේදී…

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අනුව, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන…

ජ­’පුර වෛද්‍යවරියගේ ගැටවලට අසුවූ අයගේ විස්තර අල්ලස් කොමිසම ඉල්ලයි

රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුර­සිංහ විජේ­රත්න විසින් කර ඇතැයි කියන අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් සහ ඇගෙන් අග­ති­යට පත්වූ අයගේ තොර­තුරු වෙතොත් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි. මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර­මින්…

අක්මීමන වෙඩි තැබීමක්

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලීසිය පවසනවා. අද (23) අලුයම 5.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී…

ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්

ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා. එහිදී හොඳම කැමරාකරණය වෙනුවෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් ද හොඳම තිර පිටපත වෙනුවෙන් අධ්‍යක්ෂක…

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි. වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර…

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා…