Category Local News

දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක්

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සිය සේවාවේ උසස්වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.…

අත්අඩංගුවට ගත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය සිදුකර ඇති වංචාව අනාවරණය වෙයි

තෙවන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එක්ව සිදුකළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම…

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර

ජුනි 30 වැනිදා සිට ජුලි 05 වැනිදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් 16 ක, වෛද්‍ය කොට්ඨාස 111 ක් ආවරණය වන පරිදි අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය සඳහන් කළේ.…

දුමින්ද දිසානායක අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ. ඒ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය දීය.

කෙහෙළිය බිරිය දියණිය රිමාන්ඩ්

ඇප කොන්දේසි සපුරාගන්න බැරිවෙයි බිරියට-දියණියට ලක්ෂ 300ක ගිණුම් 2ක් ලක්ෂ 150ක ගිණුම් 3ක් රුපි­යල් මිලි­යන 97.35ක් අයථා ලෙස උපයා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­ය­කට අදා­ළව මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ චෝදනා යටතේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලද හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් ප්‍රිය­ද­ර්ශනී…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ආණ්ඩුව තමන්ගේ බලය තහවුරු කරගන්න රාජ්‍ය නිලධාරීන් භාවිතා කරනවා – නාමල්

ආණ්ඩුව විසින් තමන්ගේ උපරිම බලය භාවිතා කර, රාජ්‍ය නිලධාරීන් භාවිතා කරමින්, මර්දනය දියත් කරමින්, තමන්ගේ බලය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එසේම අනෙක් අතට, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර…

යුද්ධය ගැන විවාදයක් ඉල්ලූ සජබ විවාද අවස්ථාව මග හරී

ඊශ්‍රායාල් සහ ඉරාන යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන කඩිනම් විවාදයක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලා සිටි නමුත් පස්වරුවේ විවාදය පවත්වන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඊට අදාළ මන්ත්‍රීවරුන් සභාගැබේ නොමැති බව වාර්තා වෙයි.…

සබරගමුවේ සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…