Category Local News

ගතවූ මාස 07 තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 37 ක් මරුට

මේ වසරේ ගතවූ මාස 07ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා. ඒ අනුව, 2025 ජනවාරි 01 සිට 2025 ජූලි 13 දක්වා වූ කාලය තුළ වාර්තා…

කිරි හරක් වෙනුවට ඉහළ තත්ත්වයේ ගව ශුක්‍රාණු ආනයනයට සැලසුම්

කිරි ගවයින් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව, හොඳම සතුන් ලබාදීම සඳහා ආනයනික ලිංග නිර්ණය කළ ගව ශුක්‍ර ආනයනය කර, ඒ තුළින් ඉතාමත්ම දියුණු සතුන් 15,000කට වැඩි…

ආයතනික රැකවරණයක හෝ භාරකාරත්වයක සිටින ළමුන් සහ වීදි ළමුන්ගේ රුපියල් 5000 දීමනාව හෙට සිට

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩසටහන හෙට (15) සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා. ඒ අනුව, එම දරුවන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට…

සීතාවක රහස් ඡන්දයට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභා කරයි

සීතාවක නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි. අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු ජනාධිපති නීතීඥ රොහාන්ත…

දුමින්ද දිසානායකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප…

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අද සිට ඇරඹෙයි

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමී​ව පවත්වන බ​ව මහ බැංකුව සඳහන් කරනවා. මෙම සතිය අද (14) සිට ජූලි 18 දක්වා පැවැත්වීමට නියමිතයි. මූල්‍ය…

නාවින්නේ බස් රථ අනතුරක්

මහරගම නාවින්න ප්‍රදේශයේ දී අද (14) උදෑසන 6ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලීසිය සඳහන් කරයි. නාවින්න පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාර ගැනීම අද සිට

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද (14)  සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද (14) සිට 28 වැනිදා දක්වා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත. 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය…

වී මිලදී ගැනීම සඳහා අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක්

තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා…

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක…