Category Local News

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් 20,840,000ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි 03 වැනිදා සපුගස්කන්ද පොලිස් වසමේදී, අවි පෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටියට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ…

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ අනුව පාප් වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන බවත්, ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය…

UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදාව පවසනවා. අනතුරට පත් හෙළිකොප්ටරයේ සිටි පිරිස බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර,…

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය හෙට (10) සිට ආරම්භ වනවා. ඒ අනුව මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර සඳහන් කළේ. ‘කළණ මිතුරන් ඇසුරු කරමු’ යන්න මෙවර…

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

සති අන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම, කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා…

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ, යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

ප‍ාර්ලිමේන්තුව අද (09) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද  පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම දැනුම්දීම…

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…