Category Local News

දුම්රිය වර්ජනය අවසන් -හෙට (11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි. හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

දුම්රිය වර්ජකයින්ට වැඩ වරදින ලකුණු

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ. මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා…

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,  නව හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත් පියවර – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. ඉදිරි අවුරුදු…

අවුරුදු 03යි, ලක්ෂ 02යි මොරටුවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක්

– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර අධ්‍යක්ෂිකා, විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මොරටුව විශ්වවිද්‍යාලය open.uom.lk විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සැමට උපාධියක් රැකියාවක් කරමින් මේ උපාධිය හදාරන්න පුළුවන් රැකියාවට ගැළපෙන උපාධිධාරියකු බිහි කිරීම අපේ අරමුණක් තොරතුරු තාක්ෂණය නිසි විදිහට භාවිත වෙනවාද සොයා බැලිය…

කැලණි ගඟේ ගසා ගෙන ගිය කාන්තාව බේරා ගත් අසිත සමන්ත වීරයාට පවුලෙන් උපහාර

පත්තිනි දේවාලය වැදලා ඇවිත් නවගමුව පාලමෙන් ගඟට පැන්නා සිත් වේදනාවෙන් කළත් ඒක මෝඩ වැඩක් – ජයනා කුමාරි සුභසිංහ ‘කැලණි ගං දියේ ගසාගෙන ආ දෙදරු මවක බේරාගත් කඩුවෙල වැලිවිට සමන් අසිත මහතා සහ ඒ සඳහා වෙහෙසුණු කඩුවෙල පොලිසියේ නිලධාරීන් ඇගයමින් ඔවුන්ට කෘතගුණ…

එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ කියති. වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම…

දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී වැඩක්දැයි හොයනවා

– දුර ගමන් සේවා එකක්වත් අවලංගු කර නෑ දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා විසින් දියත් කර ඇති දුම්රිය වර්ජනය අසාර්ථක බවත් එය කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න වහාම සොයා බලන බවත් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි පී.එස්.පොල්වත්තගේ මහතා ‘දිනමිණ‘ට පැවැසීය. බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම…

දුම්රිය වර්ජනය අදත් – එන්ජින් රියදුරන්

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව කාර්යාල දිනය වන අද දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ. දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු…

අපේක්ෂා රෝහලට එමින් තිබූ බසයට ගල් ගැසූ 07ක් අත්අඩංගුවට

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,…

රනිල් පැවරූ වගකීම් ගැන එජාප ජාතික ලේකම්ගෙන් සහතිකයක්

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා  ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. නිර්පාක්ෂික,…