Category Local News

හැටන් හිදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී අනතුරක්

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පෙර පාසල් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි…

වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, පොල්අතු මෝදර ගඟට කරදිය මුසු වීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවත්, මේ හේතුවෙන් වැලිගම…

කරන්දෙණියේ ඛේදවාචකය

කරන්දෙණිය – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී මවක සහ පුත්‍රයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇති මවගේ වයස අවුරුදු 74 ක් වන අතර පුත්‍රයා 25 වන වියේ පසුවනවා. ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන අවුරුදු 43 ක් වයසැති සැකකරු මරණකරුවන්ගේ…

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට එරෙහිව බැංකු සේවකයෝ අද වීථි බසී

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතයි. මේ අතර, අත්තනෝමතික ලෙස…

සිරගතව සිටින පාතාල සාමාජිකයන් 556 ක් අධීක්ෂණය කරනවා – මහජන ආරක්ෂක ඇමති

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 556 දෙනෙකු අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, පොලීසිය සහ බුද්ධි අංශ විසින් එම අධීක්ෂණ ක්‍රියාවලිය මෙහෙයවන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම, මේ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (12) දිනයේත් රැස්වීමට නියමිතයි. ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10.00…

මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින බවයි සඳහන් වෙන්නේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී…

මහින්ද, විජේරාම නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගොස් තිබෙනවා. ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා.

මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා අදාළ…

බිමල් රත්නායකගේ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, බිමල් රත්නායක විසින් “ලපයි සිපයි” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ…