Category Local News

මුත්තියන්කට්ටු වැවේ ගිලී තරුණයෙකු මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් 04දෙනා යළි රිමාන්ඩ්

මුලතිව් – මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලු‍න් හතරදෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොවුන් මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත් එස්.එච්. මාරූස් හමුවට…

රනිල් 22දා CIDයට

ජනා­ධි­පති ලෙස කට­යුතු කළ සමයේදී එක්සත් රාජ­ධා­නියේ කළ සංචා­ර­යක් සම්බ­න්ධ­යෙන් පොදු දේපළ පනතේ විධි­වි­ධාන යටතේ කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට අනිද්දා (22) කැඳවා තිබේ. මේ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පසු­ගිය 04…

වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 2,522ක් දකුණු කොරියාවට

මෙම වසරේ ගතවූ මාස 08 කට ආසන්න කාලය තුළදී, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2,522 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්…

DIG බිරිඳ ඇතුළු පිරිසක් නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදු කළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, කැණීම සිදු…

තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වෙයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (20) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල…

කම්බුලා මහරගමින් අල්ලයි

මීගොඩ මුතුහේන වත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉකුත් (13) දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට  සම්බන්ධ වෙඩික්කරු  ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම පදිංචි “කම්බුලා” නමැති (38) හැවිරිදි පුද්ගලයෙකු බව…

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති…

UPDATE : පෑලියගොඩදී වෙඩි වැදුණු දෙදෙනාගෙන් එක් අයෙක් මරුට

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකුට සහ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුට එම වෙඩි තැබීමෙන්…

ශෂීන්ද්‍ර රාජපක්ෂ 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන්…