Category Local News

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන…

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස…

තැපැල් සේවකයින් අද යළි සේවයට වාර්තා කරයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ අවසන් වූ අතර, අද තැපැල් සේවකයින් යළි සේවයට වාර්තා කර තිබුණා. තැපැල් වෘත්තීය සමිති විසින් දින හයක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (24) දිනයේ අවසන් කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය…

අධිකරණ තීන්දුවකට එරෙහිව ගියොත්, ඒකටත් නීතිය ක්‍රියාත්මක වෙයි – ටිල්වින්

රටේ නීතිය කාටත් සාධාරණ විය යුතු බවත්, එහි ඉහළ, පහළ භේදයක් තිබිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. අධිකරණයෙන් තීරණයක් ගත් විටෙක, අධිකරණ තීන්දුවට කවුරුන් හෝ එරෙහි වෙනවා නම්, ඊට එරෙහිව කළු කොඩි එසවීම‍ට කථා කරනවා…

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ලැඟුම්හලක සිටි දෙදෙනකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් මෙම වෙඩි…

ලංගම – පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහන අද සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික අංශයේ දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම – හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවකදී ලබා දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත්…

අද කාලගුණ නිවේදනය

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, 2025 අගෝස්තු 24 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලදී. උතුරු,…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු  මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු…