Category Local News

පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට අනුව සංශෝ­ධ­නය කළ යුතුයි

පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට ගැළ­පෙන ලෙස සංශෝ­ධ­නය කළ යුතු බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (12) පැව­සු­වාය. ත්‍රෛනි­කා­යික මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් නම් කරන ලද නියෝ­ජිත විද්වත් ස්වාමීන්…

පාකි­ස්තා­නයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ක්ෂාව තහ­වුරු කරන බවට ජන­පති සහ­තික වෙයි

පාකි­ස්තා­නයේ පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට සහ­භාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට අවශ්‍ය සෑම පිය­ව­රක්ම ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ­තික වෙයි. එරට ඉස්ලා­මා­බාද් නුව­රට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල වීමෙන් දැඩි නොස­න්සු­න්කාරි තත්ත්ව­යක් හට ගෙන ඇති අතර…

මාස 10කදී කෝටි 5,000කට අධික‍, හෙරො­යින් සහ අයිස් ටොන් 4ක් අල්ලලා

මෙම වසරේ ජන­වාරි 1 සිට ඊයේ (12) දක්වා කළ වැට­ලී­ම්ව­ලින් හෙරො­යින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 4කට අධික ප්‍රමා­ණ­යක් සොයා­ගැ­නී­මට පොලී­සිය ඇතුළු ආර­ක්ෂක අංශ සමත්ව ඇත. මෙම මත්ද්‍ර­ව්‍ය­වල වීදි වටි­නා­කම රුපි­යල් කෝටි 5,000කට අධික වේ. අයිස් සහ හෙරො­යින් සමග අත්අ­ඩං­ගු­වට ගත්…

ඩේසි ආච්චිට අස­නී­පයි: කිසි­වක් මතක නෑ

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්ති­යගේ දේපළ හිමි­කා­රි­ත්වය හා රෝගී තත්ත්වය සම්බ­න්ධ­යෙන් ගංගො­ඩ­විල හා ගල්කිස්ස දිසා අධි­ක­රණ මෙයට වසර 9කට පෙර දී ඇති නියෝ­ග­යක්…

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (13) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා (හෙට)…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ජාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (11) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන්…

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට…

නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.

බස් – ත්‍රිවිල් අනතුරක්

ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.