Category Local News

ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි 

මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.  ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙස එම සංස්ථාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.  මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල්…

ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – ඛනිජ තෙල් සභාපති

ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා. ඒ අනුව මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ තිබෙන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන්නේ.…

UPDATE: අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ සියලු යානා අවලංගු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින්…

මැදපෙරදිග බලා යන ගුවන් යානා අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් ගමන් අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

සාලියපුර – තෙප්පම්කුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. නිවෙස් හිමියා හා නිවසට පැමිණි පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන්, නිවෙස් හිමියා විසින් නිවසට පැමිණි පුද්ගලයාට මෙලෙස පහරදී ඇත. මෙම පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා එම…

පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්

හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේ දී වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. 

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට සිට ඇරඹෙයි

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට(01) සිට ආරම්භ වේ. 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම්…

මැදපෙරදිග ගැටුම් හමුවේ ගුවන්ගමන් පිළිබඳ දැනුම්දීමක්

මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ මේ වනවිට ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් අවකාශ වසා දැමීම හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ මෙරටට පැමිණෙන ගුවන් යානා සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා…

ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටිය…