Category Local News

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම කාලය තුළ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩි…

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වීම, නන්ද කුමරු පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද…

අද කාලගුණ නිවේදනය

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට එරට පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබේ.  හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන…

අවලංගු වූ ශ්‍රීලංකන් ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.  ඒ අනුව UL231 කොළඹ – ඩුබායි, UL232 ඩුබායි – කොළඹ, UL225 කොළඹ – ඩුබායි, UL226 ඩුබායි – කොළඹ,…

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි. දිවයින තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින බවත්, මහජනතාවට ඒ…

මැදපෙරදිග අර්බුදය හමුවේ මත්තල ගුවන් තොටුපළ සීරුවෙන්: හදිසි සැලසුමක් ක්‍රියාත්මකයි

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු කරන (Diverted) ගුවන් යානා ඕනෑම අවස්ථාවක පිළිගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL)…

මාධ්‍ය නිවේදනය – මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක්  ලෙස සලකයි. පවතින කලාපීය…

මාරක අනතුරු දෙකක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පින්දෙනිය පොලිස් වසමේ ඇපලතොටුව හන්දියෙන් ඇති වෙල මැදකඩේ අතුරු මාර්ගයේදී, ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.  අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා එම ස්ථානයේදී ම මියොගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පොතුකොළදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    ටිපර්…

වෙඩිතියන්න පැමිණි පුද්ගලයාට ආයුධයකින් පහර දීලා

නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ නාඳුනන තුවක්කුකරුවෙකුට, එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබේ.  පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ අලව්ව, අලුත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ, කළුතර රජවත්ත…