Category Local News

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර්…

හරක් කටා හා කුඩු සළිඳු බේරාගන්න මැඩගස්කරයටත් ගිහින්

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුව‍ට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥවරිය හරක් කටා හා කුඩු සළිඳු බේරාගැනීමට මැඩගස්කරයට පවා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඇය එහිදී මැඩගස්කර පොලීසියේ නිලධාරීන්ට එරට මුදල්…

දිනාගත් බලය ජනතාව වෙනුවෙන්මයි

බලය කිසිසේත්ම රටේ පොදු ජනතාව පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. හිස උදුම්මා ගත් මානසිකත්වය හෝ උද්ධච්ච බව බලය නිර්මාණය නොකරන බව කී ජනාධිපතිවරයා, බලය සැබැවින්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් බව සියලු…

පහළ වායුගෝලීයේ කැළඹීමක් – ප්‍රදේශ රැසකට වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ  හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව…

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන දිනය අද (14) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද (14) ප.ව. 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන්…

අද කාලගුණ නිවේදනය

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම්…

ගිනි තැබූ මැති ඇමති නිවාසවලට ලබාගත් වන්දි යළි අයකර ගැනීමේ නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

2022 මැයි 09 වැනිදා දිවයින පුරා ඇතිවූ අරගලකාරී සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු…

රටම එකට ජාතික මෙහෙයුම : මත්ද්‍රව්‍ය වැටලීම් 1087 කින් සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (12) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1087 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට ගත් බවත්, 57 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු…

‍ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගමදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ජාවාරම් මුදල් ලක්ෂ 26 ක්, හෙරොයින් මත්කුඩු තොගයක්,…