Category Local News

කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පැසසුම් 

කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසයි.  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර පසුගියදා පැවැති හමුවකදී…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව…

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක් – ජාතික පාසලකුත් ඒ අතර

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව සඳහන් වේ. එම පාසල් වලින් 3,065කම ගුරුවරුන්…

විදේශ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 

නීතිවිරෝධී ලෙස ගුවන් මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 18 සහ 42 යන වයස්වල පසුවන ඉහළ කොට්ටාරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය නිවේදනය කරයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද…

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර ලැබෙයි ද ?

පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවය. අම්බුළුවාව ප්‍රදේශයේ…

සඟවා තිබූ පිස්තෝලයක් පොලිස් භාරයට 

දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන තිබේ.  ලද තොරතුරක් මත ඊයේ (05) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව පොලීසිය නිවේදන කරයි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණවී නොමැති…

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින…

හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්

නිදහස් දිනය යනු මාතෘ භූමියට නිදහස උදා කරගැනීමේ මතක සැමරුමක් බවත් එය ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුම වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අදට (04) යෙදී තිබෙන 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් නිදහස් දින…

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම  සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට…