Category Local News

දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 61 ඉක්මවයි

දිනක් තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් රුපියල් මිලියන 61ක ආදායමක් උපයා තිබෙනවා. ඊයේ පස්වරු 6.00න් අවසන් වූ පැය 24 තුළ 170,000කට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර, පෙරේදා දිනයේදී ද…

ඉන්දියාවෙන් හා IMFවලින් ලැබී ඇත්තේ ආධාර නොවේ ණය:රාජිත

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF) ලැබී ඇත්තේ ණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොළියකට බවත් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා. ඉන්දියාව ලබා දී…

නත්තල් දින බීමත් රියදුරන් 322ක් අත්අඩංගුවට

නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුමේදී විවිධ වැරදි…

අල්ලස් ගත් ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට…

හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවය.  උද්‍යානයේ…

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා අද (25) යළි විවෘත කරනු ලැබීය. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ‍ය. ඒ අනුව…

ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

වැලිපැන්නේ මාරක අනතුරකින් අවුරුදු 3ක දැරියක් මරුට

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අනතුරට මුහුණපෑ දැරිය සිය මව හා පියා සමග යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින්…

මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව සඳහන්. ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර,…

ග්‍රාම නිලධාරීණියකට තර්ජනය කළැයි මාලිමා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීණියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායාය. ඉකුත් 5වනදා…