Category Local News

වැලිගම ඝාතනයේ වෙඩික්කරු මහා මාර්ගයේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් මහා මාර්ගයේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ…

ව්‍යාජ පිස්තෝලයක් සමඟ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ පිස්තෝලයක් සමඟ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයා ගෙන ඇති අතර, පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි වී ඇත්තේ…

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ දෙදෙනෙකු මරුට – තවත් 2ක් රෝහලේ

පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු යම් ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ. එම ස්ථානයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර, මුහුදේ සිට පාවී ආ බෝතලයේ තිබූ ද්‍රාවණයක් මෙලෙස පානය කර ඇති බව වාර්තා වෙයි. එම…

ලොකු ලූනු මිලදී ගැනීමේදී රජයෙන් කොන්දේසි 17ක්

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ. ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි. විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි…

බද්දේගම උපසභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ…

රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර්යේ සිට

රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙහෙළිය නිශාන්ත අමුණුගම සම්බන්දන්ගේ නිල නිවාස මහාධිකරණ වෙයි

හිටපු විපක්ෂ නාය­ක­ව­ර­යකු මෙන්ම දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී ආර්. සම්බ­න්දන් හා හිටපු ඇමැ­ති­ව­රුන් වන කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, දිලුම් අමු­ණු­ගම සහ සනත් නිශාන්ත මහ­ත්ව­රුන් භාවිත කරන ලද නිල නිවා­ස­වල මහා­ධි­ක­රණ 4ක් ස්ථාපිත කිරී­මට රජය තීර­ණය කරයි. දූෂණ විරෝධී ජාතික ක්‍රියා­කාරී සැලැස්ම (2025-2029)…

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශ‍යෙන් මන්ත්‍රී ජගත්ගේ වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය නිසා ජගත් විතාන මහ­තාගේ පුර­වැසි වර­ප්‍ර­සාද සේම මන්ත්‍රී වර­ප්‍ර­සා­දත් උල්ලං­ඝ­නය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව ඊයේ (28) කියා සිටි­යේය. වර්ත­මා­නයේ පොලී­සියේ සම­හර ක්‍රියා­කා­ර­කම් දැඩි දේශ­පා­ල­නී­ක­ර­ණ­ය­කට ලක්ව ඇති බවත්…

‘ජනා­ධි­පති මාධ්‍ය සම්මාන 2025’ නොවැ.11දා නෙළුම් පොකු­ණේදී

විශ්ව­ස­නීය මාධ්‍ය­ක­ර­ණ­යක් උදෙසා මාධ්‍ය­වේ­දීන් විසින් සිදු කරනු ලබන මෙහෙ­වර ඇග­යීම වෙනු­වෙන් පව­ත්වනු ලබන “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025” උලෙළ අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් නෙළුම් පොකුණ රඟ­හලේ දී නොවැ­ම්බර් 11 සවස 3.00ට පැවැත්වේ. සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි­කි­රීම සඳහා…

නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහළෙහි ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ රථ 04ක් ගින්න පාලනය සදහා මේ වන විට යොදවා ඇතැයි වාර්තා වේ.