2026 නව වසර උදා වෙයි

ශ්‍රී ලංකාවට 2026 නව වසර උදා වුණා. ඒ අනුව, නව වසර පිළිගනිමින් කොළඹ ගාලු මුවදොර, කොළඹ වරාය නගරය හා නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට 2026 නව වසර උදා වුණා. ඒ අනුව, නව වසර පිළිගනිමින් කොළඹ ගාලු මුවදොර, කොළඹ වරාය නගරය හා නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් ද පවත්වා තිබෙනවා.

බාල බෙහෙත් වලට එරෙහිව හඬ නගන මාධ්‍යයට අත තැබීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය බලපත්‍ර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසය. 2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම්…

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙනි. බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බව නාලක කළුවැව…

හෙට (01) දිනයේ උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක…

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි. කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර්…

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු අද (31) වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන්…

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නමැත්තෙක් බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත…

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.…

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ. කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී…