News Editor

News Editor

කොළඹ වාණිජ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවැත්විණි. කොළඹ වාණිජ නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය…

අපිත් ආසයි අනුර ජනාධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න – ඇමති විජිත

නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. නව රජය විදේශ රටවලින් හෝ ආයතන වලින් මුදල් ණයට ගෙන හෝ මුද්‍රණය කර හෝ නැති බවත් හෙතෙම අවධාරණය කළේය. නව රජයෙන්…

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්

රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ආරවුල්…

ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව සඳහා අනුමැතිය

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ…

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන පණිවුඩ ගැන දැනුම් දීමක්

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන,අන්තර්…

E-8 යන වීසා ගිවිසුම නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක්

E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති…

අනුරපුර පූජා නගරයට එන බැතිමතුන්ට සමෘද්ධියෙන් නව ව්‍යාපෘතියක්

අනුරාධපුර පූජා නගරය වැද පුදා ගැනීමට පැමිණෙන දහස් සංඛ්‍යාත දේශීය බැතිමතුන් ඉලක්ක කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සුදුසු බව අනුරාධුපර දිස්ත්‍රිත් ලේකම් කේ.බි.ආර් විමලසූරිය මහතා පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රිකයේ මධ්‍යම නුවරගම්පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති…

අමෙරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළා දකී

චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇ.ඩො. 198කෝටි 80 ලක්ෂයක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබා දීම චීනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයයෙකු අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ අමෙරිකාව, තායිවාන…

නව රජය මුදල් මුද්‍රණය කිරීමක් කර නැහැ -කැබිනට් ප්‍රකාශක

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබාගෙන නොමැති බවයි ඔහු පැවසුවේ. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී…

සූකර උණ වැළැක්වීමට ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර…