News Editor

News Editor

රුහුණු සරසවියේ වර්ජනය තවදුරටත්

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය…

පිල්ලෙයාන් අදත් CID එයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙයි. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හොඳට තෙල් වැඩකරන වාහනයක් දෙන්න යයි

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි. අධි සුඛෝපභෝගී වාහන…

කාලගුණයෙන් ජනතාවට දැනුම් දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර,…

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයෙන්…

ජන ගඟ එක මිටට එක මත­යක     ඉඳලාකුණු­රොඩු කසි­ක­බල් සැම එළි­යට ඇදලාදුන් ජන­ම­තය රන් පඬු­රක් සේ     රැකලාපුන­රුද යුග­ය­කට කැප වෙමු අද     ඉඳලා රත්න­සිරි පති­රණ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ රජයට සුබ පතමින් දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බවට කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.

වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු 4කට ලබන 18දා උසාවියේ පෙනී සිටින්නැයි නියෝග

වයඹ පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවා ගැනීමට පවත්වන ලද තරග විභාගයක සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා හේතුවෙන් එම විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්…

පාර්ලිමේන්තුවේ ගෞරවය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත් කටයුතු කරනවා-කථානායක අශෝක සපුමල් රන්වල

මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව හා කාර්යක්ෂමව ඉටුකිරීමට කැපවන බව අභිනව කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ…

රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ගත් පියවර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්…

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්-හිටපු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කාන්තාවන් 22ක් තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 22 දෙනෙකු…