News Editor

News Editor

බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ද දියුණු කරනවා

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත…

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඉඩම් ඔප්පු 5400ක්

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය. “උරුමය”…

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක් – මගීන් 176ක් ඉවත් කරයි

දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය…

වදුරව දුම්රිය මාර්ගයේ පුද්ගල මළ සිරුරක්

පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී  අද (28) පෙරවරුවේ  සොයා ගත් අතර මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ තරමක් ප්‍රමාදයක් සිදු වූ බවද …

නාවික හමුදාව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් ඊයේ (26)  දින…

ලංකාවේ ගුවන් භටයෝ සාමසාධක රාජකාරීයේ නිරතව දියත් කළ හදිසි මුදවාගැනීමේ මෙහෙයුම

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා රාජකාරියට අනියුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය හදිසි මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කරයි. පසුගියදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රෆායි ප්‍රදේශයේ වාහන අනතුරකට ලක්වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් පිරිසක් සුරක්ෂිතව ඉතා කඩිනමින් ගුවනින් රෝහල වෙත ගෙන ඒමට එක්සත්…

සර්ව ජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙයි

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන තිබෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (27) අත්සන් තැබුණි. ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ…

කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ, නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු  ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.…

ප්‍රංශ තානාපතිවරයා නිල නිවස තුළ මියගිහින්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවි තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. දේහය…