News Editor

News Editor

උතුරු – නැගෙනහිර පළාත්වල​ට අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං…

මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී

තමන්ට ඇති නඩු­ව­ලින් සිය­යට සිය­යක් දමා ඇත්තේ, මෛත්‍රී­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන් නාය­ක­ත්වය දුන් යහ­පා­ලන ආණ්ඩු­වෙන් බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. පක්ෂ මූල­ස්ථා­නයේ පැවැති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා පෙරේදා…

දළදා මාලිගාවට ආදිවාසීන්ගෙන් මී පැණි පූජාව අද

දඹානේ ආදි­වා­සීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂි­කව පව­ත්වනු ලබන මී පැණි පූජාව අද (04) ශ්‍රී දළදා මාලි­ගා­වේදී සිදු කෙරෙයි. සෑම වස­ර­කම පළමු රන්දෝලි පෙර­හර දින වැදි ප්‍රජාව දළදා වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පෞරා­ණි­කව පැවත එන චාරි­ත්‍ර­යකි. වැදි නායක ඌරු­ව­රිගේ…

සෙව­ණ­ගල සහ පැල්වත්ත ආරක්ෂා කර ගැනී­මට එක­මු­තුව වැඩ කරන්න

ලංකා සීනි සමා­ග­මට අයත් සෙව­ණ­ගල සහ පැල්වත්ත කර්මාන්ත ණය බරින් මිරි­කිලා. වහාම රජය මැදි­හත්වී එම අර්බු­ද­යෙන් ආය­තන ගොඩ­ගෙන සේව­ක­යන්ගේ සහ ගොවීන්ගේ අනා­ගත සුර­ක්ෂිත කළ යුතු­යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විපක්ෂ නාය­ක­ව­රයා එසේ පැව­සුවේ ඉකුත්දා (02)බුත්තල ශ්‍රී චන්ද්‍ර මදු­රා­රා­මයේ…

පෞද්ග­ලික බැංකු ලොක්කෙක් අත්අ­ඩං­ගු­වට

මෙරට පිහිටි ප්‍රසිද්ධ ටයිල් සමා­ග­මක් විසින් රුපි­යල් කෝටි 15කට ආසන්න ණය මුද­ලක් ලබා­ගත් ආකා­ර­යට ණය මුද­ලක් අනු­මත කර එම ණය මුදල වෙනත් බැංකු ගිණු­ම­කට බැර­ක­ර­මින් සිදු කළ වංචා­වක් සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලික බැංකු­වක පාරි­භෝ­ගික සම්බ­න්ධතා කළ­ම­නා­කරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය විම­ර්ශන අංශයේ…

යෝෂිත සහ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවක් කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී…

ඇතැම් ස්ථානවල බස් නැවැත්වීමට විරෝධය පළකරමින් ගම්පහ ​පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවන‍යෙන් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස ධාවනයෙන් ඉවත්වී ඇති බවයි ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය…

රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය CIDයට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) දිනයේ කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා ගනිමින් සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇය මෙලෙස…

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය හෙට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2002 අංක 5 දර​ණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය හෙට (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත්…

ආරම්භ කර විනාඩි 10 කින් කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක්

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10 ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 20,000 සීමාව ඉක්මවා තිබෙනවා. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා ගියේ පළමු අවස්ථාවට බවයි සඳහන් වන්නේ. එම…