මින්නේරියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27ක් රෝහල්ගත කෙරේ

මින්නේරිය බටු ඔය පාලම අසලදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ඒ අනුව, අනතුරෙන් පුද්ගලයන් 27 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.












