News Editor

News Editor

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පරික්ෂාවට ලක් කෙරේ

කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා…

රාජකුමාරි ඝාතන නඩු‍වේ විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජකුමාරි නමැති ගෘහ පාලිකා සේවයේ නියුතුව සිටි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වැනිදා…

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති බස් රථවලට හඳුන්වා දෙනවා – බිමල් රත්නායක

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වාදීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථ බලපත්‍රය සමඟ මෙම AI තාක්ෂණික පද්ධතිය තිබීම අනිවාර්ය කරන බවත්, එම…

තුසිත හල්ලොලුව CIDයට පැමිණෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී…

‍සාම සාකච්ඡා සඳහා පුටින් නොඑන බව දැනුම්දෙයි

රුසියානු, යුක්රේන සහ එක්සත් ජනපද නියෝජිතයින් අතර සාම සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මේ වන විටත් තුර්කියට පැමිණ සිටිනවා. සාම සාකච්ඡා සඳහා තමා නොපැමිණෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කර තිබෙන අතර,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව…

කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන්ට, දේශබන්දුට කෝටි 30 ක් දුන්නේ නැති නිසා – හරක් කටා

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ අනුව ‘හරක් කටා’ තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා ගැනීමට මාසයකට කෝටියක් වැය වන බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වූ…

හයේශිකා ඇතුළු පිරිසට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ‍වෙත භාරවී තිබෙනවා. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස්…

මන්ත්‍රීවරු ගන්න පගා දෙන්න අපිට සල්ලි නෑ – සමන්ත විද්‍යාරත්න

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය හේදී ගොස් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් අතරින් 267ක බහුතර බලය ජාතික ජන බලවේගයට හිමිවුණු බවත්, බහුතර බලයක් ඇති ස්ථානවල සභා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස්…

මේ ආණ්ඩුව ලුණු ටිකවත් සාධාරණ මිලකට ලබාදෙන්න බැරි ආණ්ඩුවක් – අජිත් පී. පෙරේරා

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ලුණු ප්‍රමාණවත් ලෙස සැපයීමට සහ සාධාරණ මිලකට සැපයීමට රජය අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ශ්‍රී ලංකාව මුහුදින් වටවී ඇති රටක් බවත්, මෙරට කිසිදු දිනක ලුණු හිඟයක් ඇති වී…