News Editor

News Editor

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…

බන්ධනාගාරවල සිටිය හැක්කේ 12,000ක් වුවත්, දැන් 33,000ක් ඉන්නවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වුවත්, මේ වනවිට ඒවායේ 33,000ක් රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසනවා. දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවයි අද (09) කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.…

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල…

සිංගිමලේ ජලාශයට ඇද වැටී පාසල් සිසුවෙක් අතුරුදන්

හැටන් – සිංගිමලේ ජලාශයට ඇද වැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා. 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙලෙස අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු තවත් මිතුරන් 06 දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සඳහා ජලාශයට ඉහළින් වූ…

ලක්ෂ 80ක ගංජා ගස් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන් 07 ක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල, බලහරුව සහ උස්ගල යන ප්‍රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර, එහිදී ගංජා ගස් 60,000…

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණයක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය, ගුවන් සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ. දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80 ක්…

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබාදීමට නියෝග

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම සැකකාරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන…

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 03 වැනිදා කඳාන පොලිස් වසමේ කඳාන පොදු වෙළඳසැල අසල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ගිනි අවියකින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ (08)…

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කළා. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය , තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන…

හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.