නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

නොවැම්බර් මාසයේ අස්වැසුම අද (13) ලබාදීමට තිබෙනවා. ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහායි මෙම දීමනාව ලබාදෙන්නේ. රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මෙසේ බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.













