News Editor

News Editor

ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

දේපොළ අත්තනෝමතික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමට නව පන­තක්

ව්‍යව­සා­යන් සහ දේපොළ ඇතුළු පෞද්ග­ලික දේපොළ අත්ත­නෝ­ම­තික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමේ අර­මු­ණෙන් ආයෝ­ජන ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක් හඳුන්වා දීමට රජය සූදා­නම් වෙයි. මීට අදාළ යෝජ­නාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට…

වෛද්‍යවරු නොවැම්බර් 17 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණයක්

නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සෞඛ්‍ය සායනවලදී, රෝහල්වලට පිටතින්…

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක් සමඟ කිරින්දේ දී හය දෙනෙක් අත්අඩංගුවට

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද (12) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි…

කෙහෙළියට එරෙහි දූෂණ චෝදනාවක‍ට අදාළ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන ලෙස නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් 09 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද (11) නියම කරනු ලැබුවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ්…

විනෝද චාරිකා ගිය පසු, ඉන්නා තැන පෙන්වමින් සමාජ මාධ්‍යවල Selfie පළ කරන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා නිවසින් පිටත්ව ගිය පසු, තමන් දැනට ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ පසුපස එන…

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

බස්, දුම්රිය, කුලී රථ යන ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව, වැඩිම මගී සංසරණයක් සිදුවන බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රමුඛතා පදනම මත, පහත සඳහන් බහුවිධ ප්‍රවාහන…