News Editor

News Editor

ප්‍රේම සම්බන්ධතාව දුරදිග ගොස් දැරියකට දිවි අහිමි වෙයි

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ගම්පොල පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ…

අයවැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ආරම්භ වෙයි

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, එම විවාදය අද සිට දින 17 ක් පැවැත්වීමට නියමිත බවත්, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වැනිදා පස්වරු. 6.00…

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ඊයේ (14) ආරක්ෂක අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. අමෙරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි Julie Chung සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක…

2026 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ති‍බෙනවා. ඒ අනුව, 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිතව ඇති සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරී 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්…

අද කාලගුණ නිවේදනය

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100…

නොවැම්බර් 24 වැනිදා සිට බැංකු කාඩ් මඟින් බස් ගාස්තු ගෙවීම ආරම්භ කෙරේ

නොවැම්බර් 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බැවින් එයට…

UPDATE: විපක්ෂ මන්ත්‍රීවරු 4 ක් අයවැයට පක්ෂව ඡන්දය දෙයි

2026 වර්ෂයට අදාල අයවැය දෙවැනිවර කියවීම අද (14) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා. ඒ අනුව ඡන්දය භාවිතා කිරීමේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් සහ ජීවන් තොණ්ඩමාන් (CWC) අයවැයට පක්ෂව ඡන්ය භාවිතා…

රටම එකට ජාතික මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 16,000 ඉක්මවයි

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම්…

ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේදී ඝාතනය කෙරේ

ඉදිකිරීම් සේවා සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා. මෙම පුද්ගලයා…

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි. බඹර ප්‍රහාරය එල්ල වූ…