News Editor

News Editor

අලුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය 21දා

නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.…

ගාලු බස් නැවතුම්පොළේ ප්‍රසිද්ධියේ බෙදූ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එම ප්‍රචාරක පත්‍රිකා සියල්ලම තම භාරයට ගන්නා ලදි. එම නිලධාරින්…

ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය අරඹනවා-මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

එළවළු, පලතුරු සහ වී වැනි කෙටි කාලීන භෝග වගා කරන ගොවීන්ට අඩු මිලට පොහොර දීමට ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය ආරම්භ කරන බව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ ප්‍රමුඛ පෙ‍ළේ විද්‍යාඥයන්…

දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි-ජනපති අනුර කුමාර ගම්පහදී කියයි

දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජන­ාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ…

මැතිසබයේ බහුතර බලය අපට දෙන්න-සමගි ජන සන්ධා­නයේ නායක සජිත් ප්‍රේම­දාස

මහමැතිවරණයේදී ජනතාව සත්‍ය අවබෝධ කරගෙන සමගි ජන බලවේගයට බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැව­ැසීය. ඒ ඔස්සේ සමගි ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙන…

එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමේ දේශපාලනයෙන් අපි දැන්වත් ඉවත් වෙමු-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පක්ෂයේ වෙනස්කම් රැසක් සිදුකරමින් නූතන පරම්පරාවට ගැළපෙන දේශපාලන බලවේගයක් බවට තම පක්ෂය වෙනස් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වරකාපොලදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.…

මැතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනූදහසක්

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් හෙට (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් 63,145ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 32,00ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්…

ඡන්දයට වැසෙන සුරාසැල්

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වන්නේ. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල…

ස්පාඤ්ඤයේ ගංවතුර ඛේදවාචකයට රජයට දොස් කියමින් ලක්ෂ සංඛ්‍යාත වැලෙන්සියානු ජනතාව වීදි බසී

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ ගංවතුර ඛේදවාචකයට ප්‍රාන්ත ප්‍රධානියා වගකිව යුතු බවත්, ඔහු වහාම ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව එම ප්‍රාන්තයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයන් 200කට අධික පිරිසකට මරු කැඳවමින්…

ගාසා තීරයේ සාම ප්‍රයත්නයෙන් කටාර් රාජ්‍යය ඉවත් වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ඉන් ඉවත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කටාර් රාජ්‍යය මේ තීරණය ගෙන ඇත්තේ ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කරන හමාස්…