News Editor

News Editor

ඔස්ට්‍රේලියාවේදී කිඹුල් කටට වැටුණු ඉයන් බෝතම් නූලෙන් බේරෙයි

ලෝක ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ඉයන් බොතම් කිඹුලුන්ගෙන් පිරුණු ගඟකට වැටීමෙන් අනූනවයෙන් දිවි බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ 68 හැවිරිදි බෝතම් මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ උතුරු ඔස්ට්‍රේලියාවේ මොයිල් ගංගාවේ මසුන්…

දඹුලු පිටියේ ‘කඩුලු ත්‍රිත්වයක්’ ලැබූ පළමු ක්‍රීඩකයා ලොකී ෆර්ගසන්

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘කඩුලු ත්‍රිත්වයක්‘ ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස නවසීලන්ත වේග පන්දු යවන ලොකී ෆර්ගසන් වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ 33 හැවිරිදි ෆර්ගසන් ඕවර් 2ක් යවා ලකුණු 7කට කඩුලු 3ක් පිට පිට…

පරාජයේ වගකීම මම ඇතුළු පිතිකරුවන් භාර ගන්නවා-නායක චරිත් අසලංක

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ලෙස අඩු ලකුණු ගණනක ඉලක්කයක් හඹා යෑමේදී මෙයට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබූ බවත්, තමන් ඇතුළු සියලු පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගන්නා බවත් ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය. සංචාරක නවසීලන්ත කණ්ඩායම…

මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව අනිද්දා (14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය. ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට (13) සිට සිදු කිරීමට නියමිතය.…

හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වැනිදා…

ගුවන් ගමන් ප්‍රමාදය ගැන මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන්න-ඇමැති විජිතගෙන් නිලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ. ගුවන්තොටුපොළත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමත් නියෝජනය වන පරිදි ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ මේ විශේෂ…

චීන ආධාරවලින් කොළඹ ඉදිවන අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 5ක ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදෙයි

චීන රජයේ ආධාර යටතේ කොළඹ නගරය ඇතුළු ආසන්න නගර කිහිපයක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘති 5කට අදාළ ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදීම ඊයේ (11) ග්‍රාමිය හා නාගරික සංවර්ධන නිවාස ඉදිකිරීම් ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරිණි. අඩු…

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පත් කර තිබේ. ඒ මහතා පසුගියදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව (Geology) පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික…

ජොන්ස්ටන්ගේ BMW රථයේ CCTV දර්ශන සුරක්ෂිතව තබන්නැයි නියෝග

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ප්‍රශ්නගත බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙස එහි කළමනාකාරිත්වයට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) නියෝගයක් නිකුත් කළාය. මේ සිද්ධිය සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ…

වර්තමානයේ අපේ රටේ දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතිනවා-ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර

වත්මන් ශ්‍රී ලංකාව තුළ දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතින බවත්, මේ හේතුවෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවැසීය. ඒ මහතා ඒ බව සඳහන් කළේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති…