Month April 2026

විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්

‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම’ මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත. අප්‍රේල් – ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා…

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට (8) සිට නැවත ආරම්භ කෙරේ.  ඒ අනුව එම මාර්ගම ඔස්සේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය කිහිපයක් ද කාලසටහනට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

මෙරට නිල සංචිත වත්කම් 3.5%කින් පහතට

2026 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,270ක් වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2026 මාර්තු මාසය වන විට සියයට 3.5කින් පහත වැටී අමෙරිකානු ඩොලර් මිලියන 7,019ක් දක්වා අඩු වී තිබෙනවා. චීන මහජන බැංකුව (People’s Bank of China) සමග ඇති…

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…

ලාෆ්ස් අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟත්වය

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බවට එම සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් සමාඟම…

අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර,…

ලොරි රථයක් පෙරළී අනතුරක් දෙදෙනෙකු රෝහලේ

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශවයට අයත් වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ. මාලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක තවත් ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි.…

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ…

උත්සව සමයේ බඩු මිල­ වැඩි වෙන්නේ නෑ

උත්සව සම­යේදී අත්‍ය­වශ්‍ය භාණ්ඩ­වල මිල ගණන් ඉහළ නොද­මන බවත් වෙ‍ෙළ­ඳ­පොළේ භාණ්ඩ­වල මිල ඉහළ යෑම වැළැ­ක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා­මාර්ග ගෙන තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ‍ ඊයේ (07) ප්‍රකාශ කළේය. එහිදී…

සටන් විරාමයත් සමඟ රන් මිලෙහි වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා විසින් වාර්තා කර තිබේ . එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙම තත්ත්වය වාර්තා වී තිබෙන බවට…